වාහන කිව්වහම කාටත් මුලින් මතක් වෙන්නේ ජපානයනේ😃🇯🇵
එකෙනුත් ටොයෝටා වාහන තමා ලෝකයේ කවුරුත් දන්නේ.
ඉතින් ටොයෝටා ආයතනේ මුල්ම වාහනය ගැන තමා අද කියන්න යන්නේ.
ටොයොටා (Toyota) ආයතනයේ පළමු මගී මෝටර් රථය වන(Toyota model AA)
1936 සිට 1942 දක්වා වසර 6ක් තුලදී වාහන 1,404 ක් පමණක් නිෂ්පාදනය කරලා තියනවා.
ලෝකයේ වෙනත් රටවල මෑත කාලයක් වන තුරුම මේ මෝටර් රථ නොනැසී තිබුනත්.
ජපානයේ ටොයොටා ඔටෝමොබයිල් කෞතුකාගාරයේ (Toyota Automobile Museum )ප්‍රදර්ශනය සඳහා මුල් උදාහරණයක් සොයාගන්න බැරි වූනා, ටොයොටා සමාගමට පවා AA මාදිලියේ අනුරුවක් තමා අන්තිමේදී හදන්න සිද්ද වුනේ.😶
පහල තියෙන්නෙ නගොයා වල තියන Toyota Automobile Museum එක බලන්න මෙමාත් ගිය වෙලාවක තිබුණු අනුරුව තමා.😃
original විදියටම හදලා තියනවා කිසිම වෙනසක් නෑ.👌🏻
මේ අතරේ Model AA නිෂ්පාදනයේ පළමු වසර තුළ නිශ්පාදනය කරන ලද වාහන 100 න් එකක් වන 1936 මෝටර් රථයක් ගැන 2008 අවුරුද්දේ පුවතක් රුසියාවෙන් හදිසියේම මතු වෙනවා.
සොයා ගැනීම යම් තරමක සැක සහිත තත්වයකට පත් වුවත් ලෝකයේ දුර්ලභ නිෂ්පාදනයක් වන මේ මිල කල නොහැකි Model AA වාහනය ගැන නෙදර්ලන්තයේ ලව්මන් කෞතුකාගාරයේ විශේෂ කණ්ඩායමක් විසින් සොයාගෙන ගියා.
වැඩිදුර තොරතුරු වලට අනුව මෝටර් රථය දෙවන ලෝක යුද්ධයේ සිට සයිබීරියානු ගොවියෙකු සතු වුනු බවයි.
පවුලේ හිමිකාරිත්වය යටතේ අවුරුදු 60 කට වැඩි කාලයක් වාහනය ගොවිපල භූමියේ භාවිතා කරලා ඇති අතර ,
දකුණේ සිට වමට ධාවනය කරන විදියට convert කරලා, රේඩියෝවක් සවි කරලා, අලුත් වින්ඩ්ස්ක්‍රීන් වයිපර් සවිකර, ආදේශක ග්‍රිල් සහ සෝවියට් යුගයේ ට්‍රක් රෝද භාවිතා කරලා ගොඩක් වෙනස්කම් කරලා.
කොහොම හරි කාලයක් යද්දී වාහනය සයිබීරියාවේ සිට ගොවියාගේ මුනුබුරා ජීවත් වූ රුසියාවේ ව්ලැඩිවොස්ටොක් (Vladivostok )නගරය ආසන්නයට ගෙනිහින් තියනවා.
ලව්මන් කෞතුකාගාරයේ විශේෂ ඉල්ලීමකට අනුව හිමිකරුගෙන් වාහනය මිලදී ගන්නවා.
නමුත් රුසියානු සංස්කෘතික අමාත්‍යාංශය සමඟ මාස හතක සාකච්ඡාවලින් අවසර ලැබුනට පස්සේ
Vladivostok නගරයේ සිට මොස්කව් (moscow )වලට ආරක්ෂිතව කන්ටේනරයක තබා දුම්රියෙන් ප්‍රවාහනය කරන්නේ.
moscow සිට නැවතත් කන්ටේනරයක බටහිර යුරෝපයේ Rotterdam වලට ගේනවා.
දැනට නෙදර්ලන්තයේ ලව්මන් කෞතුකාගාරයේ (Netherlands Louwman Museum ) පුද්ගලික මෝටර් රථ එකතුවේ සුරක්ෂිතව තියනවා.
ගොවිපළක තිබුන කාර් එක ආපු දුර😃
දැනට මේ වාහනය තමා TOYOTA සමාගම නිශ්පාදනය කරපු ලෝකයේ පැරණිතම වාහනය ලෙස සලකන්නේ.
පහල තියෙන්නේ දැනට ලව්මන් කෞතුකාගාරයේ සුරක්ෂිතව තියන Toyota model AA මෝටර් රථයේ photos කිහිපයක්.
අලුත් දෙයක් දැන ගෙන හොදයි කියලා හිතුනනම් විතරක්
තවත් කෙනෙකුට බලන්න share පාරක් දාන්න.
එහෙනම් ආයෙත් කාතාවක හමුවෙමු.
රුසියාවේ Vladivostok නගරයේ සිට Netherland වලට
කාර් එක ගෙනාපු විදිය
මෙතන තියනවා.
👇🏻
සදා ජය✌🏻
රාජ්ගේ චාරිකා පොතෙන්.




අපූරු තොරතුරක් .ස්තූති
ReplyDeleteගොඩක් ස්තුතියි !🤗
Delete