1000+Km කතාව - 1 වෙනි කොටස (Kanazawa Trip)



වසර 2019 අග භාගය උදුවප් මස..... හෝ හෝ හෝ වැඩි බයිලා ඕනේ නෑ.😶


දෙසැම්බර් මාසේ අවසානේ ලෝකයේ අනිත් රටවල් වල වගේම ජපානෙත් අළුත් අවුරුද්දත් උදාවෙන නිසා දිග නිවාඩුවක් හන්බවෙනවා.


(අවුරුද්දේ අන්තිමයි/අළුත් අවුරුද්දයි ) කරන්න විශේෂ දෙයක් තිබුනේද නැත.


දෙසම්බර් 2~3 වන සති වල 

මං අයියාගෙන් අහනවා අළුත් අවුරුද්දේ මොකො කරන්නේ ?


අයියා:- සෙට් එකත් එක්ක කොහේ හරි යමු.




 සැට් එක


කතා වෙච්ච විදියට ගමන් සගයින් වෙන "චමත්,‍රංග,චාමර,දිමුතු" කට්ටියත් එක්ක kanazawa යන්න සුදානම් වුණා.ඇත්තටම 

මේ ගමන ජපානේ එක් පත්තක් ඉදන් අනිත් පැත්තට යන දවස් 3ක ගමනක්.


වෙනදාට දුර ගමන් සේවා රියදුරු වෙන "නුවන් අයියා" මේ සැරේ නැත. පොර දෙසැම්බර් නිවාඩුවට ලංකාවට ගිහින්.

ඉතින් මේ සැරේ දුර ගමන් සේවා රියදුරු උනේ අපේ අයියා."චමත්" ගමනේ මුලු දුර 1000+Km වැඩී.

ගමන යන එන තුරු වාහනය වෙන කිසිවෙකුට නොදුනි පොර සුක්කනමට අරක්ගත් දේවතාවෙකු මෙන්

 ගමන් අවසානය තෙක් සටනේ.😃



ගාමනාන්තය



ජනවාරි 2 උදේ 6.00 විතර ගෙදරින් පිටත් වෙන්න කතා වුනේ.

ඒත් එකෙක්වත් උදේ පාන්දර නැගිට්ටේ නෑ " පශ්චාත් භාගයට එලිය වැටෙන තුරු" සෙට් එකම බුදි.🤣


කොහොම හරි උදේ 7 විතර ikebukuro වලින් අපි 4 දෙනෙක් omiya වලට පිටත් උනා . මොකද චාමර අයියත් එක්ක වාහනේ ගන්න ඕනේ omiya වලන්



ලාහට බෙල්ලෝ එකතු කරනවා වගේ සෙට් එකත් එකතු කරගෙන 

135Km ගෙවාගෙන දවල් 12 විතර අපි යනවා ඉස්සෙල්ලම Oshino Hakkai බලන්න.😃



                                                                                     

                              omiya සිට Oshino hakkai දක්වා ගමන් මග

                                                                   

හෑ මොකද්ද  


1.Oshino hakkai 


කියන්නෙ පොකුණු 8කින් හදුනු පුංචි ගමක්.පොඩි කිව්වට ඇත්තටම මේක ලෝක උරුමයක්ලු.

නිල් කැටේට පොකුණු වල වතුර පේනවා. මේ අත මාලුත් පීනනවා Fuji san නුත් ලස්සනට පේන නිසා මෙතන අමුතුම ෆැන්ටසි  ලෝකයකි. කටින් කියනවට වඩා ගොහින්ම බලන්න ඕනේ.

අස්සේ

අපේ සෙට් එක waterproof කැමරා වතුරට දාලා photos ගන්නවා. ඇවිත් ඉන්න ජප්පෝ හොල්මන් වෙලා. 🤣



                                                                        
                                                              
                                              
                                            





අපේ සෙට් එක photo shoot  එකකට සෙට් උනොත් අනිවා පැය ගණනක් ගත වෙන එක ප්‍රසිද්ධ රහසකි.


පළවෙනි නැවතුම බලල ඉවර වෙන අපි ඊලගට යන්නේ.



2.Chureito pagoda


               Oshino hakkai සිට Chureito pagoda දක්වා ගමන් මග


ගොඩක් දෙනෙක් නම් මේ තැන phtos වලින් දැකලා ඇති.

ජාපානය ගැන කතා කරොත් අනිවාරෙන්ම් වරදින්නේ නැති තැනක් තමා .කන්දක් උඩ තට්ටු 5 ගොඩනැගිල්ලක් තමා මෙතන තියෙන්නේ.

ගොඩනැගිල්ල බලන්න යනවට වඩා ගොඩක් දෙනෙක් යන්නේ එතන අවට තියන view එක බලන්න.


3~4 වෙනි මාස වලදී සකුරා පිපිලා උදේ පන්දර ඉර නැගලා ඈතට fuji san පෙනෙද්දී.. ඒක වෙනමම ආතල් එකකි.ආතල් එකකට එහා ගිය විදීමකි .


"හරි හරි උබලට වැඩිය තැන් වලට අපිත් ගිහින් ආතල් අරන් තියනවා,උබලා මොනවද දන්නේ හුජ්ජ කොල්ලෝ" 😛


කියලා දැන් කියවන්න එපා. 

දන්නේ නැති කෙනෙකුට හරි දැනගන්නයි පොස්ට් එක ලියන්නේ ඒකයි.🙂



                                                   මේකනම් Net එකෙන් ගත්ත photo එකක්





දෙවෙනි නැවතුම්පලත් බලලා ඉවර වෙච්ච අපි යනවා ඊලග නැවතුමට 



Chureito pagoda සිට Oishi Park දක්වා ගමන් මග


3. Oishi Park


ඊලගට අපි යන්නේ Oishi Park එකට මෙතනත් වෙනමම අත්දැකීමකි. Kawaguchiko කියන විශාල විල ලග තමා park එක තියෙන්නේ.හිම වැටිලා තියන fuji san මෙතන්ට පේනවා.අපි මෙතන්ට යද්දි ටිකක් හවස් උනා හැබැයි ඉර බහින time එක තමා හරියටම සෙට් උනේ.සීතල කාලෙ නිසා ඉක්මනට ඉරත් බහිනවා.

පරිසරය විදින කෙනෙකුට view එකම දිව්‍ය භෝජනයකි.


අපිත් ඉතින් පරිසරය විද විද ඉදලා දවල්ට කන වෙලාවත් ටිකක් පරක්කු උනා.😋


ගමනට පෙර සූදානම් වුනු රංග අයියා ජනවාරි 1 වනදා ikebukuro "Don Quijote" එකෙන් පොඩි saucepan එකක් ගන්නවා. saucepan එකට වෙනමම ස්ටෝරි එකක් ඇත.😂


අපේ ගෙදරින් තෙල් බේරෙන සීනි සම්බෝලයද,චාමර අයියාලගෙ ගෙදරින් ගෙනාපු කටින් දුන් විසි වෙන තරමේ කුකුල්මස් කරියත් රංග අයියාගේ නැහැඹුල් saucepan එකේ "හතර අතින් හමාගෙන එන සීතල හුලගේ කට කට ගා වෙව්ලමින්" ,රත් වෙන ගමන් .





කෑම කාල , photo shoot එකත් ඉවර උන අපේ සෙට් එක එතනින්ම පිටත් වුනේ kanazawa යන්න. හවස 6 විතර වෙද්දී Oishi Park එකෙන් පිටත් වුන අපි 350+km පමණ දුරක ගමනකය.කලින් කිව්වා වගේ මේ ගමන ජපානේ එක පැත්තක සිට තවත් පැත්තකට යන ගමනක්‍ ය.



       

                  Oishi Park සිට Kanazawa දක්වා ගමන් මග


කතා උන විදියට highway එකේ යමින් හිටපු අපිට වාහනේ navi පිස්සුවක් කෙලලා පාර වැරැද්දුවා.

මෙන්න බොලේ බැලින්නම් highway එකෙන් පහලට බස්සපු අපිව වෙල්/කදු/බිං ගෙවල් අස්සෙන් ඉදිරියට ඇදෙනවා.හරියන් නෑ දැන් කෙල වී හමාරය.

 

පාර වැරදුනු වග දැනුනු වහාම රියදුරුත් සමගම සාමජියින් 5 දෙනාගේම දෙඅතේ google map එකය.😃

මගින් හරෙන්න තිබුනු තැනක් පහු කරගෙන ගමනේ භාගයකටත් වඩා ඉස්සරහට අපු අපිට දැන් හැරෙන්න බැරිය. නැවතත්  වෙල්/කදු/බිං ගෙවල් අස්සෙන් ගමන ඉදිරියට යනවා මිසක් වෙන කරන්න දෙයක් නැත.

විශ්වාස කරනවනම් විශ්වාස කරන්න.ඉස්සරහට ඇදෙන පාරේ මනුස්සයෙක්,සතෙක්,වාහනයක් පේන්න නෑ කට්ට කරුවලයි , හතර අතින් හිම වලින් යට වුනු පාරවල්ය.තනිකරම adventure සීන් එකක්‍ .😮

                                                                                                

                                                                           Kanazawa දක්වා ගමන් මග  අතරතුර          


පැය ගණනක ගමන්ක් නිසා එක දිගට යන එක බැරෑරුම් වැඩකි.

මෙහෙම යද්දී සෙට් එකට චූ බර හැදිලා."නවත්තපන් යකෝ 🤬වාහනනේ ,බොක්ක පැලෙන්න වගේ "දේවල් සුලබ වදන් .


සුල්දිය පහ කරන්න එලියට බැහැපු එක තැනක සෙට් එකේ දන්ඩියා වුනු චාමර(රොටියා) අයියා හිම වලට කකුල ලිස්සලා ගියා තව ටිකක් ඉස්සරහට ගියානම් සතියක් විතර පහලට වැටෙන තරම් විශාල ප්‍රපාතයකි.

සැ.යු :- "අති ශොක්තියටත් එක්ක සතියක් විතර" කිව්වේ.😅


කොහොමින් කොහොම හරි පැය 6 විතර ගමන්කින් පස්සේ මද්‍යම රාත්‍රි 12 පහු වෙලා යක්කු ගස් නැගින වෙලාවට අපි පලවෙනි දවසේ 500+Km පසු කරමින් ගමනේ නැවතුම් පල වුනු kanazawa වලට ලං වුනා.

රෑ නැවතුම උනේ kanazawa capsule hotel එක.මේකත් වෙනම අත් දැකීමකි.

ගැන ඊලගට ලියන්නම්.



                              Kanazawa capsule Hotel


කතාව ගොඩක් දිග වෙන නිසා අදට මෙච්චරයි. 1වෙනි දවසේ ගමනේ වීඩියෝ එක පහල තියනවා මෙච්චර දුර කියවපු එකේ කැමතිනම් බලාගෙන යන්න.

හොදනම් පහලින් කොමෙන්ට් එකක් කොටා ගෙන යන්න.

ඊලග පෝස්ට් එකේදී හම්බ වෙමු එහෙනම්.

                                                                               සදා ජය✌🏻

                                                       රාජ්ගේ චාරිකා පොතෙන් කොටසක්. 📝 


                              2 වෙනි කොටස මෙතනින් 👇🏻

      මොනවද මේ Capsul hotel? - 1000+Km ගමන - 2 වෙනි කොටස (Kanazawa Trip)






                           මොකාද මේ රාජ් RAJ Clips?  🤪