නම රාජ් ( Raj) යැයි කියන්නම්
රාජ් මේ මොකෙක්ද මේ දෙමලද?
නෑ නෑ, සිංහල සිරිලංකාවේ කොල්ලෙක්.
ලහිරු රාජිත නම , කෙටි කරලා Raj කියලා දාගෙන තියෙන්නේ.😀
ඉස්සෙල්ලාම කියන්න ඕනේ, මමනම් සිංහල ව්‍යාකරණ ගැන මහා උගතෙකු නොවෙමි.දන්න විදියට තමා ලියන්නේ. අනිත් එක
"කියන්න ඕන දේ කැටයම් දාන්නේ නෑ අමුවෙන්ම කියලා/ලියලා දානව."ඒක මගේ හැටි.😃
ඒක නිසා සළුපිළි උස්සන් ඇවිත් මෙතන වැලලෙන්න විතරක් නම් එපා.🙏🏻මෙන්න වැන්දා බලන්න බැරිනම් යන්න.පීස්😅✌🏻
දැනට ජීවත් වෙන්නේ "සුන්දර සකුරා මල් පිපෙන ලෝකයේ තෙවන ආර්ථිකය හිමි බලවත් හා " හෝව් හෝව් හෝව් ! ඔය බයිලා ගහන්න නෙමේ මෙතනට ආවේ. කෙටියෙන්ම කිව්වොත් ජාපානේ🇯🇵
👶🏻📸පොඩි කාලේ ඉදන්ම photos ගහන මේනියාවක් තිබ්බා.ගොඩක්ම අරන් තියෙන්නේ "සොබාදහම/සත්තුන්ගේ / Traval " photos තමා. ආ මෑත කාලේදිනම් කෙල්ලන්ගේ Photos එහමත් ගත්තා.🤪
2012 අග භාගයෙදී O/L ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ වගේ blog කරන්න සෙට් උනේ.
ඒත් ඉස්සර ලියපුවා කිසිවක් මෙතන නැත photos හැර.
හැබැයි ගත්ත photos/videos නම්
Youtube /instagram වල දාල තියනවා.
කැමතිනම් විතරක් ගොහින් බලන්න. බල කරන් නෑ😅👇🏻
💜 instagram https://www.instagram.com/rajclips/ @rajclips
💙 facebook https://www.facebook.com/rajclip/
❤️ Youtube https://www.youtube.com/c/rajclips
Youtube Channel එක ආතල් එකට free time එකක් හන්බ උනාම කරන දේයකි .
හරියටම කොච්චර ලොකු ආත්ල් එකක්ද කියනවනම්,
📸එකී මෙකී නොකී camara ජතී අරගෙන අතින් කයිට් කරන් Trip ගිහින් photo ගන්න තරමේ පශ්චාත් බාගයේ විශාල අමාරුවක් තියන ඉත්තෑවෙකු ජීවත් වෙති.
🦔🤣
ටිකක් සැර වැඩි ඇති .....🤣
හරි හරි වැඩි කතා ඕනේ නෑ
ජපානෙට ආවට පස්සේ ආ ගිය ගමන් (Trip) ගැන විස්තර ඔයාලත් එක්ක බෙදා හදා ගන්න කියල හිතුවා.
එහෙනම් අවසරයි.
🤗
අදට මෙච්චරයි. ඊලග post එකේදී සෙට් වෙමු.
සාදා ජය!✌🏻
ඊලග පෝස්ට් එක මෙතනින්👇🏻
1000+Km කතාව - 1 වෙනි කොටස (Kanazawa Trip)

No comments:
Post a Comment