මොනවද මේ Capsul hotel? - 1000+Km ගමන - 2 වෙනි කොටස (Kanazawa Trip)



ඉතින් කොහොමද බොක්කලා,බොක්කිලා සෙට් එක 🙌🏻


වැඩි බයිලා නැතුව කෙලින්ම කතාවට enter වෙමු. ✏️ 😃

ගිය සැරේ අපේ කතාව නැවතුන තැනින් පටන් ගන්මු එහෙනම්.


කලින් කතාව කියන්න බැරි වුන අය මෙතනින් කියවන්න.👇🏻

1000+Km කතාව - 1 වෙනි කොටස (Kanazawa Trip)



                            🤗


කොහොමින් කොහොම හරි බාදකත් එක්ක ගමනේ පලවෙනි දවස 500+Km විතර දුර ගෙවාගෙන ගමනාන්තය වුන Kanazawa වලට අපි ලගා වුනා. 🚘 


කලින් පෝස්ටුවේ නැවැත්තුවේ එදා රෑ නැවතුම් ගත්ත,Kanazawa Capsul hotel එක ගැන විස්තරේ ලියන්නම් කියලනේ.

ඔන්න එහෙනම් කිව්ව විදියට කියන්නයි යන්නේ. 🖊 


අපේ සැට් එකටත් මේක අලුත් අත්දැකමක් වුනා.😊

දැනගෙන හිටපු අයත් ගොඩක් ඇති,

නොදන්න අයටත් දැනගන්න එක්ක Capsule Hotel ගැන පොඩි විස්තරයක් ලියලම කතාවට එමු.😃






🔵මොනවද මේ Capsule Hotel කියන්නෙ?



Capsule 💊 එකක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කැස්සට බොන ඇන්ටිබයිටික් කරලක් වගේ දෙයක්නේ.


ඔව්,ඇත්තටම මේක වගේ Concept එක්ක තමා.

පිටින් බැලූ බැල්මට ,පෙට්ටි ගොඩගට දොරවල් සවි කරල වගේ තමා.ඒත් මේකෙ ඇතුලේ 🔌phone charge කරන තැනේ ඉදන් alarm ⏰එක වෙනකන්,කාමරයක් ඇතුලේ තියෙන්න ඕන ඔක්කොම අවශ්‍ය පහසුකම් ටික තියනවා.


මටත් ඉතින් නිකං ඉන්න බෑනේ ,මේකෙ ඉතිහාසය ගැන ටිකක් හොයලා බැලුවා.😋


1979 වසරේ තමයි ලෝකයේ මුලින්ම Capsul Hotel එකක් විවෘත වලා තියෙන්නේ ජපානේ ඕසකා වලදී.


Kisho Kurokawa කියන ජපන් ජාතියක ගෘහ නිර්මාණ ශිල්පියෙක් තමා මේක design කරලා තියෙන්නේ.


.   
Kisho Kurokawa           


ඕසකා වලින් ආරම්භ උන මේ concept එක ජපානේ පුරාම පැතිරෙන්න ගත්තා.එතනින්  නතර උනේ නෑ අද වෙද්දී ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ රටවල් වෙන 

🔸Belgium     🔸Hong Kong    🔸Poland

🔸Iceland      🔸Indonesia      🔸China


වගේ රටවල් වලටත් ව්‍යාප්ත උනා.



මේ වෙද්දී ගොඩක් රටවල් වල තියන Hotels කිහිපයක් පහල තියෙන්නේ.


     China 
                            












                                                                         indonesia





⬜️හා..හා... ඔක්කොම රටවල් ගැන කිව්වා, දැනගෙන හිටියද මේ වෙද්දී "ලාංකාවෙත්" capsule hotel එකක් තියනවා කියලා.😃

මෙක තියෙන්නෙම් කොල්ලුපිටියේ U.S Embassy එක කිට්ටුවමේකෙ photos ටිකක් තමා පහල තියෙන්නේ.


                    

                                The Capsule By Sala - Sri Lanka





🔵මොකටද මේ වගේ concept එකක් හැදුනේ?


🔻මේ concept එකේ ප්‍රදාන කරුණ වෙන්නේ "නිදා ගන්න" එකයි.


🔻තේරෙන භාශාවෙන් කෙටි වෙලාවක් පාවිච්චි කරන නිසා, අඩු වියදමින් වැඩි සැපක් ගන්න පුලුවන් කිව්වොත් නිවැරදි.


🔻ගොඩක් වෙලාවට ජපානෙනම් salarymans ලා වැඩියෙන් සප්පායම් වෙලා🤪🍺 last train එක මිස් උන වෙලාවට capsule hotel පාවිච්චි කරන අවස්ථා සුලබයි.අනිත් එක වගෙ වේලාවකට ආරක්ෂා කාරීව ඉන්න පුලුවන්.


🔻 යම් විදියකට රැකියා නැති වුනු වගේ අය තාවකාලිකව,නවාතැන් ගන්නත් Capsule hotel පාවිච්චි කරනවා.

     (හොයලා බලපුවාම තමා මේ දේවල් දැන ගන්න ලැබුනේ) 





හරි එහෙනම් ඉතින් කලින් කියපු විදියට Capsule Hotel ගැන යම් තරමක අදහසක් ඔයාලට දැන ගන්න පුලුවන් උනා කියලා හිතනවා.☺️


අලුත් දෙයක් ඉගන ගත්තානම්,හොදයි කියලා හිතුනානම් විතරක් Share පාරක් දාන්න.ඔයාලත් දැනගෙන ඉදලා ,මග ඇරුණු දෙයක් තියනවනම් පහලින් කොමෙන්ට් එකක් කොටාගෙන යන්න.🤟🏻


                   දැන් අපේ ගමනේ කතා වස්තුවට බහිමූ.👀

                         





කලින් කිව්වා වගේ kanazawa වලට අපි ලං වෙද්දී යක්කු ගස් නගින රෑ 12ත් පහුවෙලා.




උදේ ඉදන්ම ගමනෙම නිසා සැට් එකම, මහන්සියෙන් තමා හිටියේ 😪

කලින් Booking දාල තිබුන නිසා place ටික වෙන්කරලා,ඇතුලට යන්නයි තිබුනේ.

මේකෙ ඇදන් තියෙන්නේ Photos වල පේනවා වගේ,උඩ යට පේලි 2.













 පිටින් පේන විදිය







 ඇතුලේ පෙනුම



මොන මහන්සිය තිබුනත් ,පොඩි වෙලාවක් නිදා ගන්න තිබුනත් අපේ සැට් එක හැමදාම වගේ, නිදියන්න හොදම තැන තෝරනවා.🤣

සැට් එකම උඩ ඇදන් ටිකට පොර කති.


කලින් කියන්න බැරි උනා.මේකෙ අතුලේ වැඩියෙන් සද්ද දාන්න බෑ.🤫මොකද වටේම කට්ටිය නිදි.


ගොළු භාශාවෙන් පොර කාගත් සැට් එක අන්තිමේදී ඇදන් ටික බෙදා ගත්තා.😂



                       



                                                                              

සැට් එක

මේ ඔක්කොම අඩව්වන්  ටික නටලා , රෑට කාලා දත කට මැදලා නිදා ගනිනිද්දී මතකේ හැටියට පාන්දර 3.30~4පසු වී හමාරය.💤😴


🌝🌕🌕🌕🌘🌗🌓🌖🌖🌖🌞


කාරී නෑ කාරි නෑ, උදේ වෙනකන් නිදා ගන්න පුලුවන්නේ. 

(හා හා.... ඒවා විහිලු කතා කරනවද) 😅


උදේ පාන්දර 7 වෙන්නත් කලින් 

මෙන්න බොලේ ,ඇදේ පහලට ඇදෙනවා වගේ දැනෙනවා.

බැලින්නම් "රංග අයියා" සැට් එකම උදේ පානදර කූද්දනවා.😃


ඇත්තම කිව්වොත් උදෙන්ම නැගිට්ටේ නැත්තම් ගමනේ,තේරුමක් නැත බලන්න ගොඩක් තැන් තියන නිසා.😃



ඔන්න ඉතින්,උදෙන්ම නැගිටලා දත කට මැදලා,උදේ කෑමත් කාපු අපි, kanazawa සිරි නරබන්න එළියට බැස්සා.


කතාව ගොඩක් දිග වෙන නිසා අදට මෙතනින් නවතින්නම්. 

Kanazawa Capsule Hotel එක ගැන පොඩි video එකක් පහල තියනවා.

මෙච්චර දුර කියවපු එකේ බලලම යන්න.



                       මෙච්චර දිග හෑල්ලක් කියෙව්වනම් ගොඩක් ස්තුතිය!🙏🏻☺️


මොනවා හරි අලුත් දෙයක් දනගත්තානම්,හොදයි කියලා හිතුනනම් විතරක් share පාරක් දාගෙන යන්න.

 

                               



         



                                                    එහෙනම් ඊලග පෝස්ට් එකේදී හන්බ වෙමු.


                                                          සදා ජය!✌🏻


                                                    රාජ්ගේ චාරිකා පොතෙන් කොටසක්📝








No comments:

Post a Comment