ඔන්න කාලෙකට පස්සේ තවත් කතා වස්තුවක් අරගෙන ආවා.😃
මේ කියන්න යන්නෙනම් අපි කාගෙත් නෑදෑ වෙන සැට් එකක් ගැන තමා.🐒
කලින් photo එක දැක්ක ගමන් අදුරගන්න ඇතිනේ. ”හපෝ මේ වදුරොනේ කියලා හිතුවා නේ"🙈
ඔව් ඒකනම් එහෙම තමා, හැබැයි මේ කියන්න යන වදුරොනම් එසේ මෙසේ වදුරෙක් නෙමේ.මොකද කියනවනම් දැනට හොයාගෙන තියන විස්තර වලට අනුවනම් මේ වදුරො සැට් එක 🤪ඉන්නේ ලෝකෙන්ම ජපානෙ මේ කියන්න යන තැන විතරයි.🙊
මෙතන ඉන්න වදුරන්ටනම් Snow monkey " හිම වදුරා" එහෙමත් නැත්තම් japanese macaque කියලත් කියනවා.🐵❄️
ගොඩක් දෙනෙක් නම් අහලත් ඇති , දැකලත් ඇති.
නොදන්න අයට දැන ගන්නත් එක්ක කතාවට enter වෙමුකෝ.🙃
මේ තැන තියෙන්නෙනම් ජපානේ Nagano කියන පලාතේ උතුරු කොටසේ ජොෂිනෙට්සු-කොගන් ජාතික උද්‍යානය අවට යොකොයු කියන ගඟේ නිම්නයේ තමා, හරියටම කියනවනම් Tokyo ඉදලා 252 Km විතර දුරකින් තමා තියෙන්නේ.🚧
මෙතන විශේෂත්වය තමා කලින් කිව්ව snow monkey එහෙම නැත්තම් "හිම වඳුරන් උණු දිය උල්පත් වල ස්නානය කරන තැනක් වීමයි. 1964 දී ජිගෝකුඩානි උද්‍යානය පිහිටවනලද දා සිට, මේ තැන ලොව ජනප්‍රිය ස්ථානයකි.
ඒ නිසා කලිනුත් කිව්වනේ මේක තමයි ලෝකයේ තියන එකම තැන.😯
ඉතින් ඒ නිසා මේක බලන්න ගොඩක් එන්නේ ජපනයේ ජීවත් වෙන අයට වඩා විදේශීකයින් තමා. 🌍මොකද කියනවනම් මෙතන අවට තියන සුන්දරත්වය විදිනවට වඩා, දිය බුම් ගහමින් උණු දියේ බැහැල ඉන්න වදුරන්ගේ photos ගන්න.📸
ඇත්තම කියනවනම් ඒකත් එක්තරා විදියක ආතල් එකක් තමා.😇
උල්පත් වලින් බැස යන වතුර පාරත් ඉතා තද බෑවුම් සහ වාෂ්ප නිසා ඉස්සර ජීවත් වුනු මිනිස්සු මේ නිම්නයට කියලා තියෙන්නේ
“ජිගෝකුඩානි” ජපන් වලින් Jigoku කියන්නේ "නිරය/අපාය" dani /tani කියන්නේ "නිම්නය" ඒ කියන්නේ "නිරයේ නිම්නය " කියලා තමා කියන්නේ.👹
ඒ කතාවනම් ඇත්ත තමා මොකද එතනට යන්න තියෙන්නේ කදු බෑවුම් තියන කැලෑ පාරක් හරහා තමා.මේ ස්ථානය අවුරුද්දේ තුනෙන් එකක් පමණ හිම වලින් වැහිලා තමා තියෙන්නේ.🥶
විනාඩි 15~30 බලන් හිටියොත් ඉතින් අනිවාරෙන් වලියක් බලා ගන්න පුලුවන්, ගොඩක් ක්‍රියාශීලි මේ සත්තු.🐒
ඇත්තටම අපි වෙනදට දකින් වදුරන්ට වඩා ගොඩක් වෙනස් , රතු ,රෝස පාටට හුරු මුහුනකුත්/දුඹුරු,අළු පාටට හුරු කබායක් වගේ ලොම් /කෙටි වලිගයක් තමා මේ වදුරන්ගේ පෙනුම. 🐵
පහල තියෙන්නේ මැරුණු සතෙකුගේ ලොම් සහිත හමක් තමා.ඇත්තටම අල්ලලා බැලුවාම සීතලෙන් ආරක්ශා වෙන්න ස්වභාවිකව හැදුනු ගොඩක් ඝනකම් ලොම් තමා මේ සතුන්ට තියෙන්නේ.😮
මේ වදුරක්ගේ අමුතුම පෙනුමත් ,හිමෙන් වැහිලා තියන වට පිටාවත් එකතු උනාම මේක අමුතුම fantasy ලෝකයකි.😍වෙනමම අත් දැකීමක් ,මිනිස්සුත් ගොඩක් යන එන නිසා මේ සතුනුත් මිනිස්සුන්ට ගොඩක් හීලෑ වෙලා.🐵
මෙතනට ගිහින් ටිකක් වෙලා ගියාම ,අපි වදුරන්ව බල්න්න ගියාද?වදුරො අපිව බලන්න ඇවිත්ද? කියලා හිතෙනවා. 🤣
Photos ගන්නකම් මුහුණට මුහුණ බලන් ඉන්න වදුරො එමටයි.🐵🙉🐒
පහල තියෙන්නෙ එතනදි ගත්ත පොඩි වීඩියෝ එකක් තමා,
කැමතිනම් බලාගෙන යන්න.😊
හොදයි කියලා හිතුනනම් කාට හරි බලන්න
share පාරක් දාගෙන යන්න.🤗
අදට මෙච්චරයි.
එහෙනම් තවත් කතාවකින් හමුවෙමු.
සදා ජය!✌🏻
රාජ්ගේ චාරිකා පොතෙන්















