වැඩි අටුවා ටීකා ඕනේ නෑ , කෙලින්ම කතාවට enter වෙමු.😃
අපේ kanazawa කතා වස්තුවේ අවසාන කොටස ගැන තමා මේ කියන්න යන්නේ.🙂
කලින් පෝස්ට් එක නැවැත්තුවේ kanazawa capsule hotel එක ගැන කියලනේ
කලින් පෝස්ට් කියවන්න බැරි වුන අය මෙතනින් කියවන්න.👇🏻
1 වෙනි කොටස 1000+Km කතාව - (Kanazawa Trip)
2 වෙනි කොටස මොනවද මේ Capsule Hotel කියන්නෙ?1000+Km - (Kanazawa Trip)
🤗
එකී මෙකී නොකී අඩව්වන් නටා රෑ පහන් කල සැට් එක 2 වෙනි දවසේ ,දත කට මැද මේ සූදානම kanazawa සිරි නරඹන්නයි.
සිරි නරඹන්න කලින්
✅කොහෙද මේ kanazawa? 🤔කියල කියන්න බැරි උනානේ.
Kanazawa( කනසාවා ) කියන්නේ ජපානයේ මධ්‍යම හොන්ෂු දූපතේ ඉෂිකාවා කියන ප්‍රාන්තයේ අගනුවරයි.
එඩෝ (Edo) යුගය වෙනකන් දිග ඉතිහාසයක් මේ පලාතේ තියනවා.
කලා කෞතුකාගාර සහ කනසවා වලටම ආවේනික හස්ත කර්මාන්ත සඳහාත් ප්‍රසිද්ධය.
දැනට පොඩි අදහසක් ලැබෙන්න ඇති කියලා හිතනවා.🙂
හරියටම කිව්වොත් මෙතන තමා තියෙනේ.👇🏻
හා හා පුරා කියලා උදෙන්ම බලන්න යන්නේ කනසවා මාලිගාව.🏯
📌Kanazawa castle
ජපානේ වෙන පලාත් වල වගේම kanazawa වලත් රජ මාලිගාවක් තියනවා.
කෙනෙකුට කියන්න පුලුවන් හැම තැනම තියෙන්නේ එකම මාලිගවනේ කියලා.
ඔව් බැලූ බැල්මට පෙනුම එක වගේ තමා, ඒත් එක එක යුග වෙනස් වෙනවත් එක්කම වාස්තු විද්‍යාත්මකව වෙනස් වන බොහෝ තැන් තියනවා.
ඉතින් ඒ වගේ කනසවා මාලිගාවේ විශේෂත්වය වෙන්නේ ඇතුලත සම්පුර්ණයෙන්ම "ලී" වලින් හදලා තිබීමයි.🚪
1583 සිට Edo යුගයේ අවසානය දක්වා, මේකෙ පාලන කාලය වෙලා තියනවා.
හරි හරි දැන් අපේ කතා වස්තුවට බහිමු.
මාලිගාවට enter වුනු සැට් එක අවි අමෝරාගත් සෙබළු වගේ එකී මෙකී නොකී කැමරා. දෙඅතේ අතැතිව photo shoot එකට සෙට් විය. 📸
මං කලින් කතාවලදිත් කිව්වනේ අපේ සැට් එකට photo shoot එකකට බැස්සොත් ඉතින් පැය ගණනක බාරයක් ඔප්පු කලා වගේ තමා.😂
Photo වල පොඩියට පෙනුනට , ඇත්තටම කකුල රිදෙන තරම් ඇවිදලා බලන්න මාලිගා සංකීර්ණය ඇතුලේ පත size ය.
කොහොමින් කොහොම හරි මාලිගාව බලලා ඉවර වුන අපි ඊලගට යන්නේ. Kenroku-en (කෙන් රොකු එන්) බලන්න.🍀
📌Kenroku-en (කෙන් රොකු එන්)
Kanazawa මාලිගාවේ ඉදලා ඇවිදගෙන යන දුර තමා මේක තියෙන්නේ.🚶🏻♂️
කෙටියෙන්ම කිව්වොත් මේක උද්‍යානයක්.
ජපානයේ කැපී පෙනෙන උද්‍යාන තුනෙන් එකක් ලෙස සැලකෙනවා මේ kenroku-en උද්‍යානය.🌲
Edo යුගයේදී (1603 - 1868) උද්‍යානයක් ලෙස ආරම්භ කරලා තියෙන්නේ.
Kanazawa වල හදවතෙහි පිහිටා තියන මේ සුන්දර උද්‍යානය බලන්න දේශීය වගේම ගොඩක් විදේශ සංචාරකයින් එනවා.🌎
දවසක්ම බලන්න තරම් දේවල් මේකෙ ඇතුලෙ තියනවා.ගොඩක් ලොකු උද්‍යානයක්.
පොකුණු, කඳු සහ තේ නිවාස වලින් පිරුණු විවිධ භූ දර්ශන මේ උද්‍යානයේ බලන්න පුලුවන්.
ඇත්තටම පරිසරය විදින කෙනෙකුට , නිදහසසේ කාලය ගත කරන කෙනුකුට මේ උයන "පාරාදීසයක්" කියලා කියන්න පුලුවන්.🌳😇
Park එක බලලා ඉවර වෙලා පයින් එන අතර තුර අමුතු දෙයක් දැක්කා.
මෙන්න බොලේ රත්තරන් ice cream වගයක් පේනවා.🍦
ටිකක් ලං වෙලා බැලුවා හැබෑවටම රත්තරන් තමා.
Kanzawa රත්තරන් වලට ගොඩක් ප්‍රසිද්ධ පැත්තක්.
මේක ඇත්තටම 100% රත්තරන් කොලයක් තමා අලවලා තියෙන්නේ.
මොකද වෙන්නේ කියලා බලන්නත් එක්කම කාලා බැලුවා.
රත්තරන් කියලා රසේනම් කිසිම වෙනසක් නෑ,හැබැයි කියන්නෙනම් රත්තරන් ඇගට කිසිම අගුණයක් නෑ කියලා තමා.
Ice cream විතරක් නෙමේ kanazawa වල රත්තරන් කලවම් කරපු සකේ ,රත්තරන් විසිතුරු බඩුද ඒ වගේ තමා.🍾
කනවා විතරක්නම් කමක් නෑ , ලස්සන වෙන්න කියලා මූනෙත් උලනවා.😃ගෑනු පරාණයක් එහෙම එක්කන් ගොයොත් ඉතින් sorry.com තමා.🤣
ආයෙත් ඇදගෙන එනවා බොරු.😅
අපේ සැට් එකත් ඉතින් මේවයේ රස බලලා , බඩු ගන්නත් අමතක කරේ නෑ.
ඊලගට අපි යන්නේ Higashi Chaya District( හිගශි චායා ප්‍රදේශය ) බලන්නයි.🧉🏚
📌Higashi Chaya District
හිගාෂි චයා-ගයි කියන්නේ සාම්ප්‍රදායික ලී ගොඩනැඟිලි ගොඩක් තියන kanazawa වල සංරක්‍ෂිත ඓතිහාසික ප්‍රදේශයක්. මේ පැත්ත 1820 විතර අතීතයේදී ධනවත් වෙළෙන්දන් වගේම වංශවත් අය වෙනුවෙන් විනෝදාස්වාද නගරයක් විදියට තමා තිබිලා තියෙන්නේ.
හිගාෂි චයා-ගයි යන වචනයේ තේරුම තමා“නැගෙනහිර තේහවුස් දිස්ත්‍රික්කය” කියන එකයි. 🍵
"චයා" නැත්තම් තේහවුස් කියන්නේ ධනවත් ගනුදෙනුකරුවන්ට සාම්ප්‍රදායික සංගීතය, නැටුම් හා පානීය ක්‍රීඩා වලින් විනෝද වෙන්න අවස්ථාව දුන්න තැනක් . 💃🏻🕺🏻
අද වෙද්දී මේ ගොඩනැගිලි බොහොමයක් අවන්හල් හෝ සිහිවටන ශිල්පීය වෙළඳසැල් විදියට දකින්න පුලුවන්.
ඇත්තටම අපේ භාශාවෙන් කියනවනම් මේක "අන්ටික් Town"එකක් කියලා කියන්න පුලුවන්.
මෙතන්ට ගියාම ඇත්තටම ඉස්සර ජාපානය කොයි වගේ තියෙන්න ඇද්ද කියලා හිතේ මවාගෙන හිටපු රූපේ ඇස් දෙකෙන් බලා ගන්න පුලුවන්.🙂
ඇන්ටික් Town එකට සමු දුන්න සැට් එක ඊලගට යන්නේ Omicho කියන මාළු market එක බලන්න.
📌Omicho Market
Kanaza ඇවිල්ලා මෙතන්ට ගියේ නැත්තම් වැඩකුත් නෑ,
මොකද kanazawa ගියා කිව්වාම ජපන් කෙනෙක් උනත් මුලින්ම අහන්නේ Omicho market එක බලන්න ගියාද කියලා.
ඒ තරම් ප්‍රසිද්ධයි මේ තැන.🐠🍤
අපිට නිකන්ම නිකන් මාළු මාර්කට් එකක් උනාට , මේක තමා kanazawa වල ලොකුම මර්කට් එක. Edo ය
යුගය වෙනකන් මේකටත් දිග ඉතිහාසයක් තියනවා.
ගොඩක් කඩ දේශීය මුහුදු ආහාර නිෂ්පාදන තමා තියෙන්නේ.🦪🥗
තේරෙන භාශාවෙන් කිව්වොත් මාලු නම් ඉතින් උණු උණු බඩු තමා තියෙන්නේ. ඒ තරම් අලුත් මාලු තියෙන්නේ.🐟🐡
බැලු බැලු හැම තැනම , පත ඉස්සො කකුළුවො තමා ඉතින්.🦀🦞
මේ වෙද්දී වෙලාව දහවල් 1පසු වී විනාඩි 30 කෑලිත් නැත.
මාර්කට් එකේ ඒ මේ අත කැරකවුනු සැට් එකට දැන්නම් යකෙක් කන්න තරම් බඩ ගින්නේ👹,
දෙපැත්තේ තියන සුශි කඩ වගේම අනිත් කඩ වල සුවද එන හින්දා, බඩ ගින්න ඉවසන්නත් බෑ🥴,
මේ අතරේ "නැව ගිලුනත් බෑන් චූන් අපේ රංග අයියාට "🤣සුශි කන්න දොල දුකක් හැදිලා, 🍣ඒමෙ අත කැරකෙන හැඩ පාටයි, හැබැයි ඉතින් "අවාසනාවට ඇත්ත කතාවක් වගේ" ඔය time එකට,ඒ අවට කඩවල ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ. 🤦🏻♂️👉🏻
කොහොමින් කොහොම හරි සැට් එකම steak 🥩🍽(ස්ටේක්)කඩේකට Enter උනේ සුශි කන්න බැරි වෙච්ච එකේ හිරි ඇරගන්නත් එක්කයි.
දවල්ට කාල kanazawa town එකෙත් තව ටිකක් සිරි නරඹපු අපි ඊලගට පිටත් උනේ,ගමනේ අන්තිම නැවතුම වුන Shiroo beach 🌊💦එක. Kanazawa town එකේ ඉදන් වාහනේ විනාඩි 20 දුරක් තමා මෙතන්ට තියෙන්නේ.
📌Shiroo beach
ඇත්තටම මෙතන්ට ගියේ "හෝ ගා නා පොකුණ" .🤣මුහුද බලන්න.
කාට හරි කියන්න පුලුවන් ජපානේ වටේම මුහුදනේ 🗾තියෙන්නේ.ඕකෙ මොනව බලන්නද කියලා
මුලින්ම කතාව පටන් ගනිද්දී කිව්වනේ අපි මේ අවිත් ඉන්නේ බටහිර ජපානයේ නගරයකට කියලා.
ඉතින් ජපානෙ හිටයට පලවෙනි පාරට තමා බටහිර ජපානයේ මුහුද දකින්නේ.මොකද මෙච්චර දුර ගෙවාගෙන ඇවිල්ලත් මුහුද බලන්නේ නැතුව යන එක තේරුමක් නෑ☝🏻
ඇත්තටම වෙනදට මුහුද දකිනවට වඩා ගොඩක් වෙනසක් දැක්කා,
මුහුද ටිකක් සැර පාටයි.🌊
කන පැලෙන්න හමාගෙන හීතල හුලගේ , 🌪වැහි වලාකුළු 🌥ඇස්සෙන් ඉර බහින ලස්සන හැන්දෑවේ මල් මල් වැස්සක් 🌨ඇද හැලුනේ අපේ ගමනේ නිමාවත් සනිටුහන් කරමිනි.
☔️
ඉවරයි කිව්වට.... ඉවරමත් නෑ.....😃
අන්තිම නැවතුමත් එසේ බලලා ඉවර උන සැට් එක නැවතත් kanzawa සිට ගමන් ආරම්භ කලේ Tokyo එන්නයි.🚗
එන අතරමග රාමෙන් කාලා,🍜 ඔන්සෙන් ( onsen) 🛁🧼එකකටත් ගොඩ වෙලා වෙහෙස නිවා ගන්න අමතක කරේ නෑ.
Toyama > Takayama > shirakawa go> Nagano > Yamanashi
පසු කරමින් පසුදා උදේ 7විතර අපි ikebukuro වලට ලගා උනේ
1000+Km ගමනක් නිමා කරමිනි.🏁💯
ඇත්තටම මේ ගමන ටිකක් දුර උනත් අලුත් අත්දැකීමක් වුනා.
ගමන අතරතුර රස කතාද එමටයි.ඒවා ලියලා ඉවර කරන්නත් බැරි තරම්.😋
පොස්ට් එක ටිකක් දිග වෙන්න ඇති , සමහර විට ඔයාලත් නොදැනගෙන හිටපු අලුත් දේවල් ඉගන ගන්න ඇති කියලා හිතනවා.😌
හොදයිනම් පහලින් කොමෙන්ට් එකක් කොටාගෙන යන්න.
ගොඩක් ස්තුතිය මුල් post එකේ ඉදන් මෙච්චර දුර කියෙව්වනම්.
🙏🏻
එහෙනම් අලුත් පෝස්ට් එකකින් ආයෙත් හමුවෙමු.
🤗
පහල තියෙන්නේ ගමනේ පොඩි වීඩියෝ එකක්, කමතිනම් බලාගෙනම යන්න.
👇🏻
සදා ජය
✌🏻
රාජ්ගේ චාරිකා පොතෙන්




















No comments:
Post a Comment