ඔන්න ඉතින් අද කියන්න යන්නේ, කන්න කෑම නැති වුනත් කොයි කාටත් නැතුවම බැරි
"වතුර" ගැන කතාවක්.💦
ලංකාවෙදිනම් ගොඩක් වෙලාවලට ගෙදරම ළිදක් තියනවනේ අපි කාටත්.
Town එකක වගේ උනොත් තමා ගොඩක් වෙලාවට ජල සම්පාදන මණ්ඩලය එහෙම නැත්තම් කවුරුත් දන්න "පාරෙන්" වතුර ගන්නේ.🚰
ජපානෙනම් මේකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත.🇯🇵
හොයලා බලපුවාම දැනගන්න ලැබුනේ ජපානේ 97% ම නල ජලය පාවිච්චි කරන අතර 3% තමා තමාන්ගේම කියලා ළිදකින් වතුර ගන්නේ.
Tokyo වලනම් ඉතින් 100% වගේම නල ජලය තමා.😀
ටැප් එක ඇරිය ගමන් වතුර ආවට , වතුර කොහෙන්ද එන්නේ කියලා දන්නේ නෑනේ, 🤔ඉතින් අද කතාව පටන් ගන්න කලින් බලමු "කොහෙන්ද ටෝකියෝ වලට වතුර එන්නේ කියලා."📝
ටෝකියෝව දැනට නල ජලය සදහා 80% ක් ටොනෙගාවා (Tonagawa) සහ අරකාවා ( Arakawa) කියන ගංගාවලින් ලබා ගන්නා අතර 💧
ඉතිරි 20% ටමගාවා( Tamagawa) කියන ගඟෙන් ලබා ගන්නවා. 🌊
කෙසේ වෙතත්, දැන ගන්න ලැබුනු විදියට පළමු ගංගා දෙකෙන් පිටවන අමු ජලයේ ගුණාත්මකභාවය තරමක් අඩුය.
නමුත් උසස් ජල පතිකාරක යෙදීමෙන් ජලයේ ගුණාත්මකභාවය සුවිශේෂී ඉහළ මට්ටමකට ගෙන ඒමට පුලුවන් කියලා තමා කියන්නේ,
ඒත් තමගාවා ( Tamagawa) වලින් එන ජලය පිරිසිදු බැවින් එය පානය කළ හැකි බවට පත් කරන්න,
කලින් සදහන් කරපු උසස් ජල ප්රතිකාරක අවශ්‍ය නැති බවත් සම්මත ප්‍රතිකාර පමණක් තිබුනොත් ප්රමාවණවත් කියලා තමා කියන්නේ.👀
මේච්චර වෙලා ගොඩක් දේවල් කිව්වට දැන් තමා කතා වස්තුවට Enter වෙන්නේ.😋
මේ කියන්න යන්නේ මීට අමතරව වතුර එකතු වෙලා හොදටම පිරිසිදුව තියන සයමා (sayama lake) කියන විල ගැන.
ටෝකියෝවේ වටිනාම ජල මූලාශ්‍රයක් විදියට තමා මේ විල හදුන්වන්නේ.
🤫දැන් කියන්න එපා, අපෝ ඕක ගැන අපි දන්නවා, අපේ ගෙවල් පැත්තෙනෙ තියෙන්නේ අරකද මේකද කියලා.
හරි කමක් නෑ...
දන්නේ නැති අයට අලුත් දෙයක් දැන ගන්නත් එක්ක තමා ලියන්නේ.📝
🟢මොකද්ද මේ (සයම) sayama Lake?
1916 සහ 1927 අතර කාලයේ ජල සැපයුම් ජලාශයක් විදියට තමා මේක ඉදිකරලා තියෙන්නේ.
මේකෙ වට ප්‍රමාණය කිලෝමීටර් 16.7 (සැතපුම් 10.4) ක් වෙනවා.
ලංකාවේ විදියට කියනවනම් වික්ටෝරියා ජලාශය වගේ දෙගුනයකටත් වැඩිය විශාලයි කියලා තමා හොයලා බලපුවාම දැන ගන්න ලැබුනේ.👀
කලිනුත් කිව්වා වගේ ටෝකියෝවේ වටිනාම ජල මූලාශ්‍රයක් වන නිසා අවට ප්‍රදේශයේ ජල මූලාශ්‍ර නැවත ආරෝපණය කිරීම සඳහා මේ අවට Chichibu-tama-kai කියන කැලය සංරක්ෂිත වනාන්තර භූමියක් විදියට ආරක්ෂා කරනවා. 🌲🌳
Sayama සහ Tama කියන විශාල ජලාශ දෙකක් එකතු කරලා තමා මේ ජලාශය හදලා තියන්නේ.
ජලාශ දෙකම වනාන්තර වලින් වට වෙලා තියෙන්නේ.ඇත්තටම අමුතුම view එකක්,
ගිහින්ම බලන්න ඕනෙ එතනට, පිස්සු පී කුදු වෙනවා. 🤪
ටෝකියෝ කිව්ව ගමන් අපිට මතක් වෙනනේ
කාර්යබහුල ජීවිතයක් ,ඒත් මේ ජලාශය තියන තැන Tokyo අවට පරිසරයක් කියලා හිතාගන්න බෑ,ඒ තරම් නිස්කලංකයි.😌
වටේම කැලෑවෙ තියන ගස් වතුරට බරවෙලා මොනවදෝ රහසින් මුමුනනවා වගේ,😊
නොපෙනෙනා මානයක් තෙක්ම ඈත ඉදන් බලන් ඉන්න කෙනෙකුට පේන්නේ ,මූණ බලන කණ්නාඩියක් වගේ හෙලවෙන්නේ නැති වතුර කදකි.☘️🌳💦
හැබැයි (natsu) ගිම්හාන කාලේ 8 වෙනි මාසෙ වගේනම් දවල්ට ගොඩක් රස්නෙයි.🌞
සීතල කාලේ දවල් පැහැදිලි දවසකනම් හිමෙන් වැහිලා තියන (Fuji)ෆුජි කන්දත් මෙතනට පේනවා.🗻
Sayama විල සහ Tama ජලාශ දෙක සමාන්තරව පිහිටා තුබුනත් ටිකක් දුරින් තමා තියෙන්නේ.
සයාමා විල saitama ප්‍රාන්තයේ වන අතර ටමා විල Tokyo වල තමා තියෙන්නේ.🏔
මෙතන්ට ගියොත් නාන්න❌,බෝට්ටු පදින්න❌,මාළු අල්ලන්න❌ මේ කිසිම දෙයක් කරන්න අවසර නෑ .මොකද එච්චරටම ආරක්ශා කරලා තමා තියෙන්නේ.
photos ගන්න 📸, පරිසරය විදින කෙනුකුට වගේනම් මේ තැන පංකාදු පහයි.👌🏻🌅
විල් දෙකේම ආකර්ෂණය වන තැනක් තමා ජලාශය මැද තියන ජල පරිභෝජන කුලුණ.🗼
මේකෙ කුළුණු ( Tower) දෙකක් ඇති අතර ජලාශවල සිට ටෝකියෝ දෙසට ජලය ගෙන යන නල මාර්ගවල ආරම්භක ස්ථානය මෙතනින් සලකුණු කරනවා කියලා තමා දැනගන්න ලැබුනේ.☝🏻
පහල තියෙන්නේ මෙකෙ photos ටිකක් තමා.
මෙතන්ට ගිය වෙලාවක ගත්ත වීඩියෝ එකකුත් පහල තියනවා.👇🏻
මෙච්චර දුර කියවපු එකේ,කැමතිනම් බලාගෙනම යන්න.
අලුත් දෙයක් දැන ගන්න ඇති කියලා හිතනවා.
එහෙනම් ආයෙත් කතාවකින් හමුවෙමු.
🤗
සදා ජය✌🏻
රාජ්ගේ චාරිකා පොතෙන්






බොහොම වැදගත් තොරතුරැ ටිකක්. බොහොම ස්තුතියි!
ReplyDeleteගොඩක් ස්තුතියි !🤗
Delete